අගුණකොල පලැස්ස බන්ධන්ගරයේ රැදවියන්ට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් මාධ්‍යට නිකුත් කර තිබෙනවා. සිරකරුවන් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් පවත්වන ල මාධ්‍ය හමුවකදී හෙලිවුයේ පසුගිය 2018.10.21 දින අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් බන්ධනාගාරය තුල සිදුවන අක්‍රමිකතා පිළිබද විරෝධතාවයක් ආරම්භ කිරීම නිසා කුපිත වූ නිලධාරීන් මෙලෙස විරෝධතාකරුවන් දණ ගස්සවා දණහිසෙන් ඇවිදින ලෙස පහර දී වද හිංසා පමුණවමින් ඔවුන්ට අමානුෂික ලෙස සලකන අයුරු දැක්වෙන CCTV රහසිගත වීඩියෝ පටයක් මෙහිදී මාධ්‍යට නිකුත් කර තිබෙනවා.සිරකරුවෝ මනුෂ්‍යයෝය යනුවෙන් නමට පමණක් බන්ධනාගාරයේ බෝඩ් එල්ලා සැකකරුවන් හා සිරකරුවන්ට හිත පිත් නැතිව පහරදෙන මෙම අගුනකොල පැලැස්ස නිලධාරීන්ගේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් වගකිවයුතු අංශ මැදිහත් වී මෙම අමානුෂික පහරදීම සිදුකල නිලධාරින්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන ලෙස සිරකරුවන් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියේය එම වීඩියෝ පටය ඉහතින් .
0 Comments